Friday, March 15, 2013

Autofill සහ Password Sync Android වල Chrome Beta වලටත්

මම දැන් පුළු පුළුවන් විදියට ඔයාලට සිංහලෙන් ලිපි ගෙන දෙනවා. මොකද මගේ කාර්යබහුලත්වයත් මෙයට බලපානවා. මම පුළුවන් ඉක්මනට ඔයාලට අලුත් අලුත් දේවල ගැන තොරතුරු කියන්නම්. සුළු සුළු ප්‍රමාද වීම් වෙන්නේ ඉතින් මම ඉස්සෙලා කිව්ව කාරණය වන කාර්යබහුලත්වය නිසයි. හොදයි එහෙනම් මම අද මෙම පොස්ට් එකෙන් කියන්න යන්නේ Autofill සහ Password Sync Android Chrome Beta එකටත් එකතු කරලා තියෙන එක ගැන.

Google Chrome Password Sync and Autofill Android Sinhala

අපි ඉතින් හැමෝම වාගේ Desktop පරිගණක සහ Laptops පාවිච්චි කරනවානේ. ඉතින් ඔයාල Desktop එකේ Laptop එකේ chrome පාවිච්චි කරනවානම් දන්නවා ඇතිනේ Autofill සහ Passwords Sync එක ගැන. ගොඩාක් දෙනා ඔන්න ඔය දේවල් තමන්ගේ පහසුවට යොදා ගන්නවා. මමත් එහෙමමයි. හැබැයි මම නම් Passwords Sync කරන්නේ නෑ. මට නම් ඒක අනාරක්ෂිතයි කියල හිතෙනවා. ඔබත් ඔබගේ Passwords ආරක්ෂාව ගැන හිතනවානම් ගොඩක් හොදයි. මම ලගදී Web Browser ගැන ලංකාව තුල තෝරාගත් පිරිසකගෙන් ඇසූ විට බොහොමයක් ම ලැබුණ පිළිතුර වුයේ Google Chrome යන්නයි. හැබැයි Firefox කියපු කීප දෙනෙකුත් හිටියා. සමහර විට මේ තත්වය ඉදිරියේදී වෙන්නත් පුළුවන්. එතකොට බලමුකෝ.

මම මේ කියන්නේ Android වල අලුත්ම Chrome Beta එක ගැනනේ. ඉතින් Android Chrome පාවිච්චි කරන අයට පුළුවන් දැන් මෙම Feature දෙක පාවිච්චි කරන්න. දැන්නම් Android පාවිච්චි කරන කට්ටිය Update එක ඇවිල්ලා ඕවා යොදාගන්නවත් ඇති. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් දැනගන්න එක ලොකු දෙයක්නේ. අලුත්ම Chrome Beta ඔයාලට Google Play එකෙන් ලබාගන්න Link එක පහලින් දාන්නම්.













0 comments: