Showing posts with label Android Games. Show all posts
Showing posts with label Android Games. Show all posts

Friday, April 12, 2013

Enemy Strike Android Game එක Play කරමු

Enemy Strike - EPIC First Person Shooter

ඔන්න මම තවත් අලුත් android Game එකක් ඔයාලට හදුන්වලා දෙන්න තමා යන්නේ. ඒ තමා Enemy Strike කියන android Game එක. මේ Game එක android වලට විතරක් නෙමේ. Apple වලත් Play කරන්න පුළුවන්. මෙම Game එකේ 3D Graphics හොදට තියෙනවා. Play කරද්දී ආසා හිතේවි. හැබැයි Game එක Play කරන්න ඔයාගේ Android version එක 2.2 ක් වත් තියෙන්න ඕනේ. iOS එකට 5.0 ක් වත් තියෙන්න ඕනේ.

Enemy Strike Android Game Sinhala


හරි එහෙනම් ගේම් එකට එන්නම්කෝ. මෙහි අති බිහිසුණු පිටසක්වල ආක්‍රමණයක් මිනිස් සංහතියට එල්ලවෙනවා. එහිදී බොහෝ මිනිසුන් ඝාතණයට ලක්වෙන අතරේ විනාශයට ලක් වූ නගර අතරින් ඉතුරු වුණු නගර වලින් එකක ඔබට මෙහිදී සටන් වදින්න සිද්ධවෙනවා. ඒක අති බිහිසුණු සටනක්.

Enemy Strike Android Game Play Sinhala


තවද Enemy Strike එකේ Combat Mission 250 ක් විතර අපට මෙහිදී ලැබෙනවා.  File එකේ ප්‍රමාණය නම් 39 mb ක් විතර වෙන්නේ. මෙයට පාවිච්චි කරපු අයගෙන් 4.4 ක හොද Rating එකකුත් හම්බවෙලා තියෙනවා. මොනවා වුනත් මෙය නිර්මාණය කරපු අයව මතක් කරන්න ඕනේ. නිර්මාණය කරලා තියෙන්නේ Killer Bean Studios - www.killerbeanstudios.com කියන කට්ටියයි. දැන් එහෙමනම් ඉතින් Download කරගෙන සෙල්ලම් කරලා බලන්න. බලලා දැනෙන දේත් කියන්න. මම අවශ්‍ය Links පහළින් දාන්නම්.


Download and Install Enemy Strike, Android සදහා
https://play.google.com/store/apps/details?id=com.KillerBeanStudios.EnemyStrike

Download and Install Enemy Strike, iOS සදහා
https://itunes.apple.com/us/app/enemy-strike/id571023923?mt=8

Wednesday, March 13, 2013

Free Download Dragon Slayer Game for Android

Dragon Slayer - මකරුන් මරන්නා (Android)

Free Download Dragon Slayer Game for Android Madura Balasooriya Blog Sinhala
මෙම Dragon Slayer Android ක්‍රීඩාව 3D Game එකක් ලෙසින් Glu Mobile අපට නොමිලයේ ලබා දෙනවා. Dragon Slayer Game එක හරහා අපට ලැබෙන අභියෝගත්මක් ක්‍රියාව වෙන්නේ මෙහි සිටින මකරුන් මරා දැමීමයි. මායවලින් සපිරි අපුර්ව සටනක් අපට මෙහි කරන්න වෙනවා. ඉතින් ඔයාල Game එක Play කරලා හොදද නැද්ද කියලා Comment එකක් දාන්න. මේ වගේ හොද Android Game ටිකක් ඉදිරියේදී දාන්නම්.

Free Download Dragon Slayer Game for Android Madura Balasooriya Blog Sinhala

 Links for Download Dragon Slayer

Download Dragon Slayer from Google Play

Download Dragon Slayer APK (Offline)
Download Game Cache - Game Cache එක මෙතනට දාන්න "sdcard/Android/obb"

Dragon Slayer for iPhone


Sunday, March 10, 2013

Subway Surfers Android Game

Subway Surfers Android Game

මේකත් හොද Android  Game (Subway Surfers) එකක්. මේ Android Game එකේ සිද්ධ වෙන්නේ ඉන්ස්පෙක්ටර් සහ ඔහුගේ සුනඛයාගෙන් පුළුවන් තරම් වේගයෙන් බේරිලා යන්න තම. ඉතින් ඒ දුවන අවස්ථාවේදී ඒ තියෙන බාධකත් ජයගන්න ඕනේ. මෙහෙම තම මේකේ වෙන්නේ. මේ Game එක Android OS වලට විතරක් ම නෙමේ නිර්මාණය කරලා තියෙන්නේ Apple ලගේ ඒවටත් නිර්මාණය කරලා තියෙන්නේ. මම නම් Subway Surfers Game එක Play කරලා බැලුවා. වරදක් නම් නෑ . මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. එහෙනම් ඉතින් Google Play එකෙන් Download කරලා Install කරලා බලන්න.




Download & Install Subway Surfers On your Android

Saturday, March 9, 2013

Vector Android Game එක - Nekki

Android Games and Apps Vector

මම මේ blog එකට අවේ හුග කාලෙකින් නේ. අද ඉදන් මම පුළුවන් වේලාවට පොස්ට් ලියන්න හිතුවා. හරි එහෙනම් දැන් මම ලිපියෙන් කියන්න යන දේට එන්නම්කෝ.  ඉතින් මම මේ ළගදි මගේ Android Tablet එකෙන් හොද Games ටිකක් හෙව්වා. එතකොට මට නියම Game එකක් හම්බවුණා. ඒ Game එක තමා Vector කියන්නේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ Nekki Developers විසිනි. මේ Vector කියන Game එකේ වෙන්නේ මෙන්න මේ වගේ සිද්ධියකි.

          මේක එක්තරා විදියක ඒකාධිපති පාලනයක් යටතේ තිබිනේ ලෝකයකි. මෙහි සිටින මිනිසුන් එක්තරා පාලන පද්ධතියකින් පාලනය කරනවා. ඔවුනට කිසිදු නිදහසක් මෙම ලෝකයේදී ලැබෙන්නේ නෑ. නමුත් මෙහිදි එම මිනිසුන් අතරින් එක් පුද්ගලයෙකු සුවිශේෂී වෙනවා. මොහු එලෙස වෙන්නේ එම පාලන පද්ධතියට ඔහුව පාලනය කරගන්න බැරිව යන නිසා. මොකද කියනවනම් ඒ තරමටම ඔහුගේ හදවත ශක්තිමත්. පසුව ඔහු කොහොමහරි බේරෙන්න මෙතනින් පැනල යනවා (ඒ ඔහුගේ නිදහස සොයා). ඒ නිසා මොහුව අල්ලගන්න එහි භටයන් ලුහුබදින්න ගන්නවා. මෙහෙම තමා intro එක වෙන්නේ. මේකේ Video එක බැලුවම හොදටම තේරෙයි. එහෙනම් ඉතින් පල්ලෙහා තියෙනවා එකේ Video එක. බලලා ඉන්නකෝ ඉතුරු ටික කියන්න කලින්.


දැන් ඉතින් video එකත් බලන්න ඇතිනේ. ඔතැනින් පස්සේ තමා අපිට Play කරන්න තියෙන්නේ. මේකේ play කරනකොට ඔබට මෙහි තිබෙන සුවිශේෂී වූ ටෙක්නීකිස් පාවිච්චි කරන්න ඕනේ. Game එක Play කරද්දී කරන්න ඕන දේවල් ටික තේරෙයි. කොහොමහරි බේරිලා පැනල යන්න. දෙයක්‌ කියන්න අමතක වුණා. ඒ තමා මේ Vector Android Game එක free Google Play Store එකෙන් ලබාගන්න පුළුවන්.

ඔන්න මම ඔයාලට අලුත් අපුරු Game එකක් ගැන කිව්වා. මේ වගේම තව Game ටිකක් මම ඔයාලට ඉදිරියේදී ගෙනෙන්නම්. හැබැයි මේ Android Game එකට හොද Rate එකකුත් තියෙනවා. දැන් ඉතින් තියේන්නේ ඔයාලගේ Android එකෙත් මේ Vector Android Game එක Play කරල බලන්න.
ස්තූතියි!

මෙන්න Links ටික.

Download & Install Vector Android Game from Google Play

Download & Install Vector Android Game APK (Offline)