Showing posts with label Sinhalese. Show all posts
Showing posts with label Sinhalese. Show all posts
Saturday, April 13, 2013
Tuesday, March 12, 2013
Google Input Tools Supported Languages
දැනට ඉන්පුට් ටූල්වලින් සහය ලබන භාෂා - Google Input Tools Supported Languages
පහළ ඇති ලින්ක් එක හරහා ගොස් ඔබට දැනට ඉන්පුට් ටූල්වලින් සහය ලබන භාෂා බලගත හැකියි.
ඉන්පුට් ටූල්වලින් (Google Input Tools) සහය ලබන භාෂා බලා ගැනීම සදහා
For Google Input Tools Supported Languages : http://www.google.com/inputtools/cloud/support.html
ඉන්පුට් ටූල්වලින් (Google Input Tools) සහය ලබන භාෂා බලා ගැනීම සදහා
For Google Input Tools Supported Languages : http://www.google.com/inputtools/cloud/support.html
Monday, March 11, 2013
Enabling Google Input Tools to Type Sinhala in Gmail
මම හිතන්නේ මම මේ දවස් ටිකේ නොකඩවාම Post ලිව්වා. මේකත් ලියලාම ඉන්න හිතුවා. මොනවා වුනත් අපේ සිංහල භාෂාව එකට එන්න ඕනේ. මට තේරෙන හැටියට නම් අපේ රටේ සිංහල භාෂාවට වැඩිය තැනක් English භාෂාවට හිමිව තිබෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සිංහලින් අන්තර්ජාලයේ ලියන කට්ටියව ලොකු දෙයක් කරනවා සිංහල භාෂාව ගෙනයන්න. හරි. එහෙනම් මම මාතෘකාවට එන්නම්. මම Google Input Tools සම්බන්ධයෙන් මිට පෙර ලිපියකින් ඉදිරිපත් කරලා තියෙනවා. එය කියවීමට අවශ්‍යනම් මෙතනින් පිවිසෙන්න How to use Google IME to type in Sinhala with Google Chrome . මම දැන් කියන්න යන්නේ Gmail වල Google Input Tools feature එක පාවිච්චි කරන හැටියි. මේක Google සමාගම Gmail වලින් තම තමන්ගේ භාෂා වලින් Email ලියන්න දීපු හොද Feature එකක්. දැන් එන්න එන්නම Google ලා Develope වෙනවා. ඇයි Youtube වලත් හොද Feature ටිකක් Develope වෙලා තියෙනවා. (Ex : Speech To Text වගේ ). මෙම පහසුකම Blogger වලත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි තාම Blogger වලටනම් Sinhala ඇවිල්ලා නෑ. හරි එහෙනම් මම ඔය කිව්වේ මේකට අමතර පොඩි විස්තර ටිකක්.
ඔන්න එහෙනම් දැන් පටන්ගන්නම්. මුලින්ම ඔයාට Gmail Account එකක් තිබිය යුතුයි. Gmail account එකක් නැත්නම් දැන්ම හදාගන්න. Gmail කියන්නේ හොද Mail Service එකක්. ඔයාල හැමෝම වගේ දන්නවනේ Gmail ගැන. දැන් ටිකක් අලුත් වෙලා. දැන් Gmail Account එකට log වෙන්න. පහසුවීම සදහා මම පහළින් පින්තුර එකතු කරලා තියෙන්නේ.. රූපේ දිහා ටිකක් බලන්නකෝ.
දැන් ඔයාලට පෙනේනවා නේද Gear එකක් වගේ Button එකක්. එක තමා Gmail වල Settings වලට යන්න පුළුවන් Button එක. දැන් ඉතින් ඔය තියෙන Gear Button එක එකපාරක් Click කරන්න. එතකොට ඔය රුපයේ තියෙනවා වාගේ පොඩි මෙනු එකක් ඒ Button එක ගාවින් පෙන්නනවා. එහි Settings යන්න තෝරාගන්න. දැන් ඔය Gmail Settings වලට ඇතුළු වෙනවා.
දැන් ඔබ මේ ඉන්නේ Gmail Settings > General වල. මෙහි Languages යටතේ තියෙනවා Show All Language Options කියල තියෙනවා. ඒක click කරන්න.
දැන් මෙහෙම දිස්වෙනවනේ. එහි Enable Input Tools කියලා Checkbox එකක් තියෙනවා. දැන් එයට හරි ලකුණ දමා Input Tools සක්‍රිය කර ගන්න. ඔබ හරි ලකුණ දැමූ විගසින් මෙලෙස දිස්වෙනවා.
(Checkbox එක තුල හරි ලකුණක් නැතිවේවි ඔබ Input Tools සක්‍රිය කර නැත්නම්.)
මෙහි All Input Tools පැත්තෙන් අපට අවශ්‍ය කරන භාෂාව (මම තෝරාගන්නේ සිංහල :D ) තෝරාගෙන වම් පැත්තට තියෙන ඊතලය Click කිරීම මගින් ඔබට එම අදාල භාෂාව තෝරාගන්න පුළුවන් (මෙහිදී භාෂා කීපයක් තෝරාගත් හැකි අතර එම තෝරාගන්න භාෂාවන් Selected Input Tools යටතේ දිස්වෙනවා). එය Google Chrome හි Sinhala තෝරාගත් විදියමයි. http://www.madurabalasooriya.blogspot.com/2013/03/how-to-use-google-ime-to-type-in-sinhala-with-chrome.html
තෝරාගත් පසු OK Button එක Click කරන්න.
හරි එහෙනම් අපි මේ වෙනස් කරගත්ත Settings Save කරගත යුතුයි. ඒ සදහා මෙහි පහලට ගොඩ Save Changes Button එක Click කරන්න. දැන් නැවත ඔබගේ Gmail Account එක Load වෙන තුරු සිටින්න.
දැන් ඔයාට පෙනෙයි Gmail එකේ දකුණු අත ඉහළ කොනේ අලුත් feature ඇවිත් තියෙනව. එහි තියෙන කුඩා ඊතලය Click කිරීම මගින් ඔබ පෙර තෝරාගත් භාෂාවන් දිස්වෙනවා. දැන් ඉතින් ඔයාට ඕන කරන භාෂාව එතනින් තෝරාගෙන Email එකක් සිංහල භාෂාවෙන් ලියන්න පටන් ගන්න. Compose Click කරලා Email එක යැවිය යුතු ලිපිනය, මොකක් සම්බන්ධවද කියන එක සම්පුර්ණ කරලා Mail Body එකේ ඔයාට අවශ්‍ය දේ ලියන්න. දැන් ඉතින් මෙහි Singlish වලින් ලියන්න (Type). (ඔබ සිංහල භාෂාව තොරාගත්තේනම්) (Ex : mama kanawa) වගේ ලියන්න. ඒ කියන්නේ SMS කරනවා වගේ. ලියනකොට පහළින් අවශ්‍ය වචන දිස්වෙනවා, ඕනෙනම් ඒවායින් තෝරාගෙන Email එක ලියන්න පුළුවන්. Test කරලා බලන්න. හුරුවුණාම ඉතාමත් පහසුයි.
Copy & Paste Sinhala Online - http://www.google.lk/inputtools/try/
Sunday, March 10, 2013
Google IME to type in Sinhala with Google Chrome
හොදයි මම දැන් කියන්න යන්නේ අපිට Sinhala Type කරන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැනයි. හැබැයි මේ ක්‍රමයේදී අපිට සිංහලින් ලියන්න පුළුවන් වෙන්නේ අන්තර්ජාල අවකාශ්යෙයි. Desktop එකේ වැඩ කරන්න නම් ඉතින් Google IME Tools තියෙනවනේ. මේක අන්තර්ජාලයේ ලිපි ලියන සහ සිංහලින් Mail යවන අයට ගොඩක් වැදගත් වෙයි. මේ පහසුකම අපිට දෙන්නේ Google සමාගමයි. මෙයින් අපට අන්තර්ජාලයේදී පහසුවෙන් වැඩකරන්න පුළුවන්. මේ වගේ පහසුකම් තියෙන තව කීපයකුත් Google සමගම අපට දීල තියෙනවා. ඒවා ඊලග Post එකෙන් බලාපොරොත්තු වෙන්න හොදේ. Google සමගම දීලා තියෙන මේ පහසුකම් වල විශේෂත්වය තම අපි Singlish වලින් Type කරන්න විතරයි තියෙන්නේ ඒවා නිසි පරිදි සිංහලින් දිස්වේවි.
හරි. එහෙනම්, මේකට අවශ්‍ය දේවල් ටික කියන්නම්.
- Internet Connection
- Google Chrome Web Browser (මෙය මත Click කිරීම මගින් ඔබට Google Chrome Download කරගත හැකියි.)
ඉන්ටෙර්නෙට් වලදී සිංහල පාවිච්චි කරන හැටියි මම මේකෙන් කියල දෙන්නේ හොදේ. වෙබ් බ්‍රොව්සෙර් එකට මම Google Chrome විතරක් සදහන් කරපු එක ගැන ඔයාලට ප්‍රශ්නයක් ඇති. හේතුව තමා මෙම පහසුකම තාම දීලා තියෙන්නේ Google Chrome Web Browser එකට වීමයි. ඒ නිසා ඔය Google Chrome Web Browser එක ස්ථාපනය කරලා තියෙන්න ඕනේ. හොදයි මම මෙය පියවරින් පියවර කියල දෙන්නම්.
Google Chrome Web Browser එක ස්ථාපනය කරගත්තට පස්සේ. (ඔබ දනටමත් Google Chrome Web Browser ස්ථාපිත කර ඇත්නම් කිසිදු ගැටළුවක් නෑ මෙතැන් සිට පටන් ගන්න කරන්න. හැබැයි අලුත් සංස්කරණය තියෙනවනම් තම ගොඩක් හොද.) දැන් මෙන්න මේ ලින්ක් එකට Google Chrome Web Browser එකෙන් යන්න.
Google Input Tools (by Google)
මේකට ගියාම මේ Google Chrome Extension එක Google Input Tools (by Google) කියලා දිස් වෙනවා. ඒ Web Browser එක මැද්දේ පොඩි Dialog Box එකක් ඇතුලේ. දැන් එකේ දකුණු පැත්තේ ඉහල තියෙනවා "ADD TO CHROME" කියලා ඒක දැන් Click කරන්න. දැන් තව Box ඕපෙන් වෙලා Add කරන්න ද කියල අහනවා. Add Button එක මත Click කරන්න. එවිට ස්වංක්‍රියව Google Chrome Web Browser එක තුලට එය ඇතුළු වෙනවා.
දැන් Google Chrome Web Browser තුල New Tab එකක් ඕපෙන් කරන්න. (Google Search එකට යන්න). දැන් Web Browser Address bar එකට දකුණු පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ Icon එකක්.
දැන් වම් ඇත පැත්තේ තියෙන Add Input Tools Box එකෙන් ඔබට ඕන කරන භාෂා තෝරාගන්න. Ex: මම තෝරාගන්නේ "සිංහල" භාෂාව. දැන් මැද ඔයාට පෙනෙනවා ඇති පොඩි ඊතලයක්. එය මත Click කරන්න. එවිට එම තෝරාගත් භාෂාව දකුණු පැත්තේ Selected Input Tools Box එකේ දිස් වෙනවා. දැන් ඒ tab එකෙන් අයින් වෙලා මම කලින් ඕපෙන් කරගන්න කියලා කිව්වා New ටැබ් එකට එන්න. එකෙන් Google Search එකට එන්න. දැන් අපි කලින් Extension Options තෝර ගත්ත තැනට ගිහින් නැවතත් එම icon එක මත Click කරන්න. එවිට ඔබට පහත ලෙස ඔබ තෝරා ගත් භාෂාවන් ද සමගින් දිස්වෙනවා.
එකෙන් ඔයාට දැන් පාව්ච්චි කරන්න ගන්න භාෂාව තෝරාගන්න. දැන් ඔය ඒ Google Search එකේ Search Box එකේ Singlish වලින් ලියන්න. ඒ ලියන ආකාරයට අනුව ඔබට අවශ්‍ය වචන මත Click කිරීම මගින් ඔබට පහසුවෙන් යතුරු ලියනය කරගත හැකියි. Type කරන විට පහලින් දිස්වෙන වචන අතර Arrow Keys වලින් මාරු විය හැකිය. එය සෙලෙච්ට් කරලීම සදහා Enter යතුර භාවිතා කරන්න.
සැලකිය යුතු කරුණු ටිකක්.
එය සක්‍රිය වූ විට මෙලෙස දිස් වේ.
Shortcut Keys
මේ සදහා කෙටි මන් ද යොදා තිබේ. ඒවා පාවිච්චි කිරීමෙන් පහසුවෙන් අපට අපගේ භාෂාවන් තෝරාගත හැකියි. මෙන්න ඒවා ටික.
- SHIFT : Shift යතුර එබීම මගින් ඔබට මෙම IME එකේ තත්වය පාලනය කරගත හැකියි. එනම් On කිරීම හෝ off කරීම. SHIFT මගින් සාමාන්‍යයතුරු පුවරුව මාරු කළ නොහැකිය.
- ALT + SHIFT : ලැයිස්තුවේ ඊළඟ ඉන්පුට් ටූල් වෙත මාරු වන්න (දිගුව ඕෆ් වී ඇත්නම්, එය ඔන් කරන්න)
- CTRL + SPACE : අවසන් වරට භාවිතා කළ ඉන්පුට් ටූල් වෙත යොමු වන්න(කිසිවක් නැත්නම්, දිගුව ඕෆ් කරන්න)
See Also : http://www.google.lk/inputtools/try/
Subscribe to:
Posts (Atom)








