Saturday, February 15, 2014

Java Mobiles තියෙන අයට PhoneCopy ගැන දැනුමට

     ඊයේ නම් ලිනක්ස් සම්බන්ධව පොස්ට් එකක් දැම්ම... :) ඉතින් අදත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන දෙයක් එකතු කරන්න කැමතියි.. මාතෘකාව දකින්න ඇතිනේ.. :P ඉතින් ඔන්න ඔය ගැන තමා දැනුවත් කරන්න යන්නේ.. පාවිච්චි කරපු අයත් ඇති.. මන් මේක කාලයක ඉදන් මගේ Java Mobile Phone එකේ use කරනවා...(Android එකකුත් ඇතේ.. :P ) දැන් නම් Java Mobile Phones බොහොම අඩුයිනේ.. දැන් ඉතින් Android නේ පෙරළි කාරයා.. ඉතින් ඔයා අතරේ Java Mobile Phone use කරන අයට නම් මේක බොහොම වැදගත් වෙයි..

 මොකක්ද PhoneCopy කියන්නේ?


Java Mobile Phones And PhoneCopy In Sinhala


            PhoneCopy කියන්නේ Mobile Phone එකත් PhoneCopy.com server අතර Contacts, Memo, Schedule, Tasks වගේ දේවල් synchronize කරගන්න පුළුවන් Application එකක්.. :) ඒ වගේ Phone එකේ තියෙන Data www.phonecopy.com වෙබ් අඩවියේ සිටම edit කරන්න.. Delete කරන්න වගේ දේවල් කරන්නත් පුළුවන්.. ඉතින් Java Mobile Phone එකක Contacts නැතිවුනොත් ඒවා මේ Server එකේ තිබ්බොත් අපිට ආපහු අපේ Contacts ටික Phone එකට ගන්න පුළුවන්... ඉතින් මේක බොහොම වටිනවා..

මුලින්ම මේ http://www.phonecopy.com/en/ වෙබ් අඩවියට ගිහින් Email එකයි Username එකකුයි Password එකකුයි දීලා Register වෙන්න.. Email එකට එන Email ලිපියෙන් Confirm කරලා Account එක Active කරගන්න.. :) දැන් හරි.. දැන් තියෙන්නේ Phone එකේ synchronize Settings හදාගන්න.. මම මෙතන පාවිච්චි කරන්නේ Samsung Wave II Phone එක.. ඔයාගේ Phone එකට අනුව synchronize හොයාගන්න.. මෙතනින් බලාගන්න ඔයාගේ තියෙන phone එක Support කරනවද කියල : https://www.phonecopy.com/en/phones/

Android, iPhone Use කරන අයටත් මේගොල්ලෝ සහය දක්වනවා.. :D

https://www.phonecopy.com/android/index-en.html - Android

https://www.phonecopy.com/iphone/index-en.html  - iPhone

මගේ එකේ නම් මෙන්න විදියට තම එන්නේ synchronize වලට ගිහින් Profile එකක් හදුවහම.. :D


Samsung Wave C6712 Synchronize With PhoneCopy Server


ඊට පස්සේ එතන Profile Name එක මොකක්ද ඔයාට ඕන Sync Category එක (ඒ කිව්වේ Contact ටික නම් Contacts) Nerwork Profile එක දෙන්න.. ඊට පස්සේ Sync Server එකට http://www.phonecopy.com/sync කියලා දෙන්න.. ID එකටයි Pass එකටයි Site එකේ register වෙනකොට දුන්න ඒවා දෙන්න.. :D දැන් Save කරලා Start Sync කරන්න.. එතකොට වැඩේ හරි.. :D කරලම බලන්න.. එතකොට තේරෙයි මම කිව්වා ඒවාට අමතරව අපිට ලැබෙන වැසි ගැනත්.. හරි.. මේක පුළුවන් තරම් කෙටියෙන් තමා පැහැදිලි කලේ.. නොතේරුණු යමක් තිබුනොත් පහලින් comment එකක් දාන්න.. තවත් පෝස්ට් එකක් දාන්නම්කො :D


- මධුර බාලසූරිය

Friday, February 14, 2014

Ubuntu/Mint/Debian වල Springseed එකෙන් Short Notes ගහමු

     ලොකු කාලයකින් තම මේ Blog එකේ Post එකක් දාන්නේ.. :D හැමෝටම වගේ මටත් තියෙන ප්‍රශ්නයක් තම කාලය... ඉතින් වැඩ රාජකාරි වලට හිර වුන නිසා පොඩ්ඩක් බ්ලොග් එකෙන් වෙන්ව හිටිය... ;) දැන් තම Free වේලාවක් හම්බවුණේ Post එකක් ලියන්න... මට මේක හම්බ වුණේ අන්තර්ජාලයේ එහෙ මෙහෙ දුවද්දී.. Ubuntu, Mint පාවිච්චි කරන අයට මේක වටියි.. :) හරි එහෙනම් බලමු Springseed කියන්නේ මොකක්ද කියලා.. හරි එහෙනම්, Springseed කියන්නේ අපිට පහසුවෙන් Short Notes (කෙටි සටහන්) ගහගන්න පුළුවන් Program එකක්..


Short Notes with Springseed Notebook Apps Linux ලිනක්ස් Ubuntu Springseed Sinhala


හ්ම්ම්.. ඒ දවස් වල මම නම් පාවිච්චි කළේ Tomboy Program එක.. හැබැයි මේ මම කියන Springseed Program එකට අසා හිතෙනවා..... ඇත්තම කිව්වොත් මේක හරි ලස්සනයි.. පහසුයි.. :D ඒ වගේම මෙන්න මේ පහසුකම් ටිකත් ඇතුලත් වෙනව්. 

  • Dropbox Sync
  • Markdown Support *
හරි එහෙනම් ඉතින් මොකක්ද මේ කියල දැනගත්තනේ.. එහෙනම් ඔයාගේ Ubuntu වල හෝ Mint වල හෝ Debian වල හෝ, ඔන්න ඕවයින් එකක දැන් මේ Springseed Program එක Install කර ගමු.. ඉස්සෙල්ලාම මේ තියෙන www.getspringseed.com එයාලගේ වෙබ් අඩවියෙන් ඔයාගේ OS එක අනුව 64bit ද 32bit ද කියල තොරගෙන ඒක Desktop එකට Download කරගන්න.. 

(Desktop එකට Download කරගන්න කිව්වේ පහසු වීම නිසා.. ලේසියෙන් පාත් එකට යන්න පුළුවන් නිසයි..) හරි එහෙනම් Download වුනහම, Ubuntu වල නම් Dash එකේ Terminal කියලා Type කරන්න.. ඊට පස්සේ Terminal එක එතනින් Open කරගන්න.. තේරෙන්නේ නැහැ වගේ නම් Ctrl + Alt + T ඔබලා Terminal එක ගන්නකො.. :D හරි එහෙනම්.. අපි Download කලේ Desktop එකටනේ... දැන් ඔයා ආපු Terminal කියන එකේ :P පහල තියෙන විදියට Type කරලා Enter බටන් එක ඔබන්න.. Password එක ඉල්ලන විට Password එක දෙන්න..
cd Desktop
sudo dpkg -i springseed_1.1.0_amd64.deb
(මේක තම මගේ File එකේ නම = "springseed_1.1.0_amd64" ඔයාගේ File එකේ නම දාගන්න ඔතනට.. මොකද ඉතින් අලුතින් Versions එනවනේ :D) හරි එහෙනම් හරියට කළා නම් හෙමින් සැරේ Install වෙයි Terminal එකේ.. :) ඉවර වුණායින් පස්සේ.. Dash එකට ගිහින් Springseed කියලා Search කරන්න එතකොට එයි.. (Mint, Debain වල Application වලින් හොයාගන්න) දැන් ඉතින් පොඩ්ඩක් අත්හදා බලන්න.. කොහොමද කියලා :D


Short Notes with Springseed, Notebook Apps, Linux, ලිනක්ස්, Ubuntu, Springseed, Sinhala, Mint


All Notes යටතේ එනවා කීපයක් ඒවායින් මොකක්හරි තෝරාගෙන හෝ අලුත් එකක් හදා ගෙන ලියන්න පුළුවන් අපේ Notes.. අලුත් Notebook එකක් හදන්න ඕනේ නම් All Notes යටතේ අන්තිමට තියෙන New Notebook එකට නමක් දෙන්න.. ඊට පස්සේ එකේ මොනවහරි ලියන්න ඕනේ නම් පැන්සලක සලකුණක් තියෙන එක Click කරන්න.. හරි එහෙනම් ඔයාට Short Notes ඕන විදියකට ලියාගන්න පුළුවන් .. :D  Sync කරගන්නේ පහල තියෙන Gear බටන් එක ගාව තියෙන බටන් එකෙන් හොදේ.. :D
හ්ම්ම්... මගේ දැනුම අන් අය සමග බෙදා ගන්න කැමතියි.. ඉතින් වේලාව තියෙන විදියට පොස්ට් එකතු කරන්නම්.. එහෙනම් ලිපිය නිමවෙනවා.. තවත් පොස්ට් එකකින් හමුවෙමු.. :D