Monday, March 11, 2013

Enabling Google Input Tools to Type Sinhala in Gmail

     මම හිතන්නේ මම මේ දවස් ටිකේ නොකඩවාම Post ලිව්වා. මේකත් ලියලාම ඉන්න හිතුවා. මොනවා වුනත් අපේ සිංහල භාෂාව එකට එන්න ඕනේ. මට තේරෙන හැටියට නම් අපේ රටේ සිංහල භාෂාවට වැඩිය තැනක් English භාෂාවට හිමිව තිබෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සිංහලින් අන්තර්ජාලයේ ලියන කට්ටියව ලොකු දෙයක් කරනවා සිංහල භාෂාව ගෙනයන්න. හරි. එහෙනම් මම මාතෘකාවට එන්නම්. මම Google Input Tools සම්බන්ධයෙන් මිට පෙර ලිපියකින් ඉදිරිපත් කරලා තියෙනවා. එය කියවීමට අවශ්‍යනම් මෙතනින් පිවිසෙන්න How to use Google IME to type in Sinhala with Google Chrome . මම දැන් කියන්න යන්නේ Gmail වල Google Input Tools feature එක පාවිච්චි කරන හැටියි. මේක Google සමාගම Gmail වලින් තම තමන්ගේ භාෂා වලින් Email ලියන්න දීපු හොද Feature එකක්. දැන් එන්න එන්නම Google ලා Develope වෙනවා. ඇයි Youtube වලත් හොද Feature ටිකක් Develope වෙලා තියෙනවා. (Ex : Speech To Text වගේ ). මෙම පහසුකම Blogger වලත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි තාම Blogger වලටනම් Sinhala ඇවිල්ලා නෑ. හරි එහෙනම් මම ඔය කිව්වේ මේකට අමතර පොඩි විස්තර ටිකක්.

ඔන්න එහෙනම් දැන් පටන්ගන්නම්. මුලින්ම ඔයාට Gmail Account එකක් තිබිය යුතුයි. Gmail account එකක් නැත්නම් දැන්ම හදාගන්න. Gmail කියන්නේ හොද Mail Service එකක්. ඔයාල හැමෝම වගේ දන්නවනේ Gmail ගැන. දැන් ටිකක් අලුත් වෙලා. දැන් Gmail Account එකට log වෙන්න. පහසුවීම සදහා මම පහළින් පින්තුර එකතු කරලා තියෙන්නේ.. රූපේ දිහා ටිකක් බලන්නකෝ.


Google Input Tools Sinhala in Gmail, Type in Sinhala

දැන් ඔයාලට පෙනේනවා නේද Gear එකක් වගේ Button එකක්. එක තමා Gmail වල Settings වලට යන්න පුළුවන් Button එක. දැන් ඉතින් ඔය තියෙන Gear Button එක එකපාරක් Click කරන්න. එතකොට ඔය රුපයේ තියෙනවා වාගේ පොඩි මෙනු එකක් ඒ Button එක ගාවින් පෙන්නනවා. එහි Settings යන්න තෝරාගන්න. දැන් ඔය Gmail Settings වලට ඇතුළු වෙනවා.


Google Input Tools Sinhala in Gmail, Type in Sinhala
දැන් ඔබ මේ ඉන්නේ Gmail Settings > General වල. මෙහි Languages යටතේ තියෙනවා Show All Language Options කියල තියෙනවා. ඒක click කරන්න.


Typing Sinhala in Gmail, Type in Sinhala





දැන් මෙහෙම දිස්වෙනවනේ. එහි Enable Input Tools කියලා Checkbox එකක් තියෙනවා. දැන් එයට හරි ලකුණ දමා Input Tools සක්‍රිය කර ගන්න. ඔබ හරි ලකුණ දැමූ විගසින් මෙලෙස දිස්වෙනවා.
(Checkbox එක තුල හරි ලකුණක්  නැතිවේවි ඔබ Input Tools සක්‍රිය කර නැත්නම්.)


Google Input Tools Sinhala in Gmail, Typeing Sinhala





මෙහි All Input Tools පැත්තෙන් අපට අවශ්‍ය කරන භාෂාව (මම තෝරාගන්නේ සිංහල :D ) තෝරාගෙන වම් පැත්තට තියෙන ඊතලය Click කිරීම මගින් ඔබට එම අදාල භාෂාව තෝරාගන්න පුළුවන් (මෙහිදී භාෂා කීපයක් තෝරාගත් හැකි අතර එම තෝරාගන්න භාෂාවන් Selected Input Tools යටතේ දිස්වෙනවා). එය Google Chrome හි Sinhala තෝරාගත් විදියමයි. http://www.madurabalasooriya.blogspot.com/2013/03/how-to-use-google-ime-to-type-in-sinhala-with-chrome.html
තෝරාගත් පසු OK Button එක Click කරන්න.


Google Input Tools Sinhala in Gmail, Type in Sinhala





හරි එහෙනම් අපි මේ වෙනස් කරගත්ත Settings Save කරගත යුතුයි. ඒ සදහා මෙහි පහලට ගොඩ Save Changes Button එක Click කරන්න. දැන් නැවත ඔබගේ Gmail Account එක Load වෙන තුරු සිටින්න.
දැන් ඔයාට පෙනෙයි Gmail එකේ දකුණු අත ඉහළ කොනේ අලුත් feature ඇවිත් තියෙනව. එහි තියෙන කුඩා ඊතලය Click කිරීම මගින් ඔබ පෙර තෝරාගත් භාෂාවන් දිස්වෙනවා. දැන් ඉතින් ඔයාට ඕන කරන භාෂාව එතනින් තෝරාගෙන Email එකක් සිංහල භාෂාවෙන් ලියන්න පටන් ගන්න. Compose Click කරලා Email එක යැවිය යුතු ලිපිනය, මොකක් සම්බන්ධවද කියන එක සම්පුර්ණ කරලා Mail Body එකේ ඔයාට අවශ්‍ය දේ ලියන්න. දැන් ඉතින් මෙහි Singlish වලින් ලියන්න (Type). (ඔබ සිංහල භාෂාව තොරාගත්තේනම්) (Ex : mama kanawa) වගේ ලියන්න. ඒ කියන්නේ SMS කරනවා වගේ. ලියනකොට පහළින් අවශ්‍ය වචන දිස්වෙනවා, ඕනෙනම් ඒවායින් තෝරාගෙන Email එක ලියන්න පුළුවන්. Test කරලා බලන්න. හුරුවුණාම ඉතාමත් පහසුයි.

Copy & Paste Sinhala Online  - http://www.google.lk/inputtools/try/


2 comments:

s said...

hodai digatama kara gena yanna,adsense gaththe nadda?
balanna meketh hodaida kiyala,
http://universityeducationnews.blogspot.com/#

Unknown said...

Adsense ගන්න උවමනාවක් නම් නැහැ හැබැයි. ඔයාලා මෙයින් දැනුමක් ලබාගෙන, ලබාදෙන ප්‍රතිචාර වලින් යම් ආකාරයක සතුටක් ලබනවා..

ඔයාගේ Website එකත් හොදයි...