Friday, April 12, 2013

Enemy Strike Android Game එක Play කරමු

Enemy Strike - EPIC First Person Shooter

ඔන්න මම තවත් අලුත් android Game එකක් ඔයාලට හදුන්වලා දෙන්න තමා යන්නේ. ඒ තමා Enemy Strike කියන android Game එක. මේ Game එක android වලට විතරක් නෙමේ. Apple වලත් Play කරන්න පුළුවන්. මෙම Game එකේ 3D Graphics හොදට තියෙනවා. Play කරද්දී ආසා හිතේවි. හැබැයි Game එක Play කරන්න ඔයාගේ Android version එක 2.2 ක් වත් තියෙන්න ඕනේ. iOS එකට 5.0 ක් වත් තියෙන්න ඕනේ.

Enemy Strike Android Game Sinhala


හරි එහෙනම් ගේම් එකට එන්නම්කෝ. මෙහි අති බිහිසුණු පිටසක්වල ආක්‍රමණයක් මිනිස් සංහතියට එල්ලවෙනවා. එහිදී බොහෝ මිනිසුන් ඝාතණයට ලක්වෙන අතරේ විනාශයට ලක් වූ නගර අතරින් ඉතුරු වුණු නගර වලින් එකක ඔබට මෙහිදී සටන් වදින්න සිද්ධවෙනවා. ඒක අති බිහිසුණු සටනක්.

Enemy Strike Android Game Play Sinhala


තවද Enemy Strike එකේ Combat Mission 250 ක් විතර අපට මෙහිදී ලැබෙනවා.  File එකේ ප්‍රමාණය නම් 39 mb ක් විතර වෙන්නේ. මෙයට පාවිච්චි කරපු අයගෙන් 4.4 ක හොද Rating එකකුත් හම්බවෙලා තියෙනවා. මොනවා වුනත් මෙය නිර්මාණය කරපු අයව මතක් කරන්න ඕනේ. නිර්මාණය කරලා තියෙන්නේ Killer Bean Studios - www.killerbeanstudios.com කියන කට්ටියයි. දැන් එහෙමනම් ඉතින් Download කරගෙන සෙල්ලම් කරලා බලන්න. බලලා දැනෙන දේත් කියන්න. මම අවශ්‍ය Links පහළින් දාන්නම්.


Download and Install Enemy Strike, Android සදහා
https://play.google.com/store/apps/details?id=com.KillerBeanStudios.EnemyStrike

Download and Install Enemy Strike, iOS සදහා
https://itunes.apple.com/us/app/enemy-strike/id571023923?mt=8