Sunday, June 24, 2012

ඉතාලියෙන් සුපිරි වේගවත් දුම්රියක්!

අද ටිකක් වෙනස් ලිපියක් ලියන්න හිතුවා. මෙය ඉතාලියෙන් බිහිවුණු Ferrari වර්ගෙය් සුපිරි දුම්රියක් ගැනයි. මෙම සුපිරි වර්ගයේ දුම්රිය ලබන සතියේ පළමු වරට ප්‍රදර්ශනය සදහා යෙදීමට කටයුතු කරයි. මෙහි උපරිම වේගය වන්නේ 186 mph ක් වන අතර මෙම දුම්රිය දැනට ධාවනය කිරීමට නියමිත වන්නේ ඉතාලියේ මිලානෝ, රෝම හා නාපෝලි නගරයන් හරහාය.

About High Speed Italy Train Italo in Sinhala
මෙම සේවය බලපවත්වා ගෙන යන්නේ Nuovo Trasporto Viaggiatori (NTV) විසිනි, ඒ වගේම මෙම Italo කියන සුපිරි වේගවත් දුම්රිය අප්‍රේල් 28 දින මා ඉහත සදහන් කර ඇති මිලානෝ, රෝම, නාපෝලි යන නගරයන් සමග ප්‍රදර්ශනයට තැබීමට නියමිතයි. මෙම දුම්රිය දැනට යුරෝපයේ ඇති ඉතා උසස් ගනයේ දුම්රියක් ලෙසින් ඉතා ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ. ඉහත සදහන් කල පරිදිම මෙම දුම්රියට උපරිමය 186 mph ක වේග සීමාවකින් ධාවනයේ යෙදෙන්නට හැකියාව ඇත. නමුත් මෙම දුම්රිය ලෝකයේ වේගවත් ම දුම්රිය එහෙම නොවේ. මෙය වරදවා වටහා ගන්න එහෙම එපා. ඒත් Italo දුම්රිය කෙරෙහි වැදගත් ස්ථානයක් හිමිවෙලා තියෙනවා.

About High Speed Italy Train Italo in Sinhala
මෙය යුරෝපයේ වේගවත් ම ව්‍යාපාරික සේවය ලෙස වාර්තා නම් පවසන්නේ. හැබැයි චීනයේ ෂැංහයි වල ඇති Maglev දුම්රියට 268 mph ක වේග සීමාවකින් ධාවනයේ යෙදෙන්න පුලුවන්. තවද Ferrari සභාපති Luca di Montezemoto මහතා Nuovo Trasporto Viaggiatori (NTV) එකේ කොටස් කරැවෙක් වශයෙන් වගේම එහි සභාපති ද වේ. France's Alstom සමාගම AGV (Automotrice Grande Vitesse) වර්ගයේ දුම්රිය පාදක කරගෙන දුම්රි 25 ක ප්‍රමාණයක් නිෂ්පාදනයේ යෙදෙමින් තියෙනවා. ඔවුන් පාවිච්චි කරන්නේ AGV-TGV දුම්රියේ පද්ධතියයි. මෙහි 2007 වර්ෂයේ ගත් වේග වාර්තාව වන්නේ 574.8 kph (375 mph) ලෙසිනි.


About High Speed Italy Train Italo in Sinhala

Italo දුම්රිය තුල මගීන් 460 ක ප්‍රමාණයකට ආසන ඉඩකඩ පහසුකම් තිබේ. මෙහි පළමු පන්ති වෙන් තිබෙන්නේ ව්‍යාපාරික හා ආර්ථික සම්බන්ධ පුද්ගලයින් සදහායි. ඒ වගේම මෙහි ආසන සියල්ල ලෙදර් (හම්) වලින් නිමවා ඇත. තවද මෙම දුම්රියෙන් මිලානෝවල සිට රෝමයට ඇති අඩුම ටිකට් එකේ මිල ඇමෙරිකානු ඩොලර් 60 පමණ මුදල් වෙනවා. මෙම දුම්රියේ සේවාව අවසන් වන්නේ Trenitalia හිදී ය. NTV එක නම් කියන්නේ 2014 අවසානය වෙන විට වාර්ෂික මගීන් සංඛ්‍යාව මිලියන 9 ක පමණ ප්‍රමාණයක් ඇදී එයි කියලා බලාපොරෝත්තු වන බවයි.

About High Speed Italy Train Italo in Sinhala