Sunday, April 14, 2013

Huawei E303 Dongle Unlock කරගන්න!

ඔන්න මම සිංහල හා හින්දු අළුත් අවුරුදු තෑග්ගක් වශයෙන් Huawei E303 Dongle එක Unlock කරගන්න පොඩි Online Unlock Codes Calculator එකක් ගෙනාවා. ඔයාලගේ පහසුව සදහා Calculator එක මෙම අඩවියේ දකුණු පැත්තේ දාලා තියෙන්නේ. unlock කරගන්න බැරිව දගලන කට්ටියත් ඉන්නවනේ ඒ අයට මෙය ප්‍රයෝජනවත් වේවි. දැනට බොහොමයක් නොමිලයේ දෙන Dongle Unlock Software මෙම Dongle එකට සහ තවත් කීපයකට Support කරන්නේ නෑ. මොකද කියනවනම් මේවා New Algorithm යටතේ එන Dongle නිසා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමා මේ Huawei Dongle එකේ අළුත් Unlock code එක. ඉතින් මේ Huawei Dongle එක Unlock කරගන්න කඩවල් ගානේ දුවන්න ඕනේ නෑ. දැන් කිසිදු මුදලක් වැය කර ගන්නේ නැතුව ගෙදර ඉදන් Huawei E303 Dongle එක Unlock කරගනිමු.
Huawei E303 Dongle Unlock in Sinhala

මොනවා කරන්නත් ඉතින් අළුත් Unlock Code එක තියෙන්න එපැයැ. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මම Blog එකේ සපයලා තියෙන Online Huawei E303 Dongle Unlock Calculator එක පාවිච්චි කරලා ඔයාගේ Huawei Dongle එකේ IMEI එකට අනුව ඔයාට ඕන Unlock Code එක හා Flash Code එක ගන්න (Codes ටික එනකන් ටිකක් ඉන්න). IMEI Number එක ඔයාගේ Dongle එකේ සදහන් කර තිබේවි. එය අංක 15 කින් සමන්විතයි (Ex: 86*************). මෙහිදී Dongle එක අනුව IMEI Number එක වෙනස් වෙනවා. අළුත් E303 වගේ Dongle එකක මෙම අංකය පටන් ගන්නේ 86 යෙනි. මේකේ පරණ එක 35 න් පටන් ගන්නේ.

දැන් මම Dongle එක Unlock කරගන්න හැටි කියල දෙන්නම්. එකත් දැනගන්න ඕනෙනේ. ඔබ මුලින් ම කරන්න ඕනේ මා පෙර කියූ පරිදි Unlock Code එක හා Flash Code ලබාගැනීමයි. අපි අදියර වශයෙන් ඉදිරියට යමු. ඊළගට ඔයාගේ Huawei E303 Dongle එක පරිගණකයට සම්බන්ධ කරන්න. පස්සේ එයට අදාළ Software එක Install කරන්න. දැන් දී ඇති උපදෙස් පරිදි පහත ක්‍රම උත්සහ කර බලන්න.

පළමු ක්‍රමය

දැන් Dongle එක ඉවත් කර ඔයා මේ Huawei E303 Dongle එකට සපයා දී ඇති unlock SIM එක වෙනුවට ඔබ පාවිච්චි කරන වෙනත් SIM එකක් යොදා නැවත පරිගණකයට සම්බන්ධ කරන්න. එවිට එම අදාළ Dongle Software එකෙන් Unlock Code එකක් හෝ Password එකක් ලෙස අසාවි. එලෙස නොඅසන්නේ නම් දෙවන ක්‍රමය උත්සහ කරන්න. එය එසේනම් ඔබ ලබාගත් Unlock Code එක ලබා දීමෙන් Unlock කරගත හැකියි.

දෙවන ක්‍රමය

දෙවෙනි ක්‍රමය තමා, Mobile Partner එකෙන් Unlock කර ගැනීම. ඒ සදහා Mobile Partner එක Download කර Install කරගන්න. දැන් Dongle එක ඉවත් කර ඔයාගේ Huawei E303 Dongle එකට සපයා දී ඇති unlock SIM එක වෙනුවට ඔබ පාවිච්චි කරන වෙනත් SIM එකක් යොදා නැවත පරිගණකයට සම්බන්ධ කරන්න. දැන් එම අදාළ Dongle Software open වෙනවා. ඒක Exit කරලා කලින් Install කරගත්ත Software එක open කරගන්න. එවිට එකෙන් Unlock Code එකක් හෝ Password එකක් ලෙස අසාවි. එසේනම් ඔබ ලබාගත් Unlock Code එක ලබා දීමෙන් Unlock කරගන්න.


මේ දෙකෙන් එකක්වත් හරියන්නේ නැත්නම්, Huawei E303 Dongle එකේ Fireware එක Update කිරීම මගින් unlock කරගන්න. මේ ක්‍රමයට Huawei E303 Fireware Update එක Download කරගන්න ඕන වෙනවා. එය Download කරගැනීමෙන් අනතුරුව එය 7-Zip වැනි Software එකකින් මෙම Zip ගොනුව Extract කරගන්න. දැන් Huawei E303 Fireware Update එක Open කර එහි ඉදිරියට යනකොට Flash Code එකක් ඉල්ලනවා. දැන් ඒකට අදාළ Flash Code එක දෙන්න. වරදවා වටහා ගන්න එපා Flash Code කියන්නේ Unlock Code එකට නෙමේ. දැන් දෙවෙනි ක්‍රමය උත්සහ කරන්න. Unlock කරගත හැකි වේවි. (Try at your own risk)

Huawei E303 Dongle එක Unlock කරගන්න අවශ්‍ය Huawei E303 Fireware Update එක මෙතනින් බාගන්න.

ඔයාට ඕනෙනම් DC-Unlocker වැනි Software එකකින් මීටත් වඩා පහසුවෙන් වැඩේ කරගන්න පුළුවන්. ගොඩක් ම මේක තමා පාවිච්චි කරන්නේ. හැබැයි DC-Unlocker පාවිච්චි කරන්න මුදල් අවශ්‍යයයි. මේක නොමිලේ දෙන එකක් නොවේ.

තව එකක් කියන්න ඕනේ. ඒ තමා, ඔයා මොකක්හරි Huawei Dongle Unlock කරන Software එකක් පාවිච්චි කරනවානම් තව unlock කරගන්න ක්‍රමයක් කියන්නම්. හැබැයි. මුලින්ම ඔය පාවිච්චි කරන Huawei Dongle Unlock Software එකේ unlock code එක අපිට දාන්න පුලුවන්ද බලන්න. එහෙමනම් ඔයා මෙහි අදාළ unlock code එක දීල ඔයාගේ Huawei E303 Dongle එක Unlock කරගන්න try එකක් දෙන්න. බොහෝ විට Unlock වෙන්න ඉඩ තියෙනවා.

සැලකිය යුතුයි : Calculator එක තාවකාලිකව නවතා ඇත.. Unlock Codes අවශ්‍යමනම් පහලින් හෝ Email මගින් හෝ CONTACT ME හරහා සම්බන්ධ වීමෙන් ලබාගත හැකියි..

Closed

Saturday, April 13, 2013

සාමය සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා!

Happy New Year Sri Lankans 2013
මේ ලබන්නා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභම සුභ ප්‍රීතිමත් සහ සෞභාග්‍යමත් නව වසරක් වේවායැයි ප්‍රාර්ථනා කරමි.

Friday, April 12, 2013

Enemy Strike Android Game එක Play කරමු

Enemy Strike - EPIC First Person Shooter

ඔන්න මම තවත් අලුත් android Game එකක් ඔයාලට හදුන්වලා දෙන්න තමා යන්නේ. ඒ තමා Enemy Strike කියන android Game එක. මේ Game එක android වලට විතරක් නෙමේ. Apple වලත් Play කරන්න පුළුවන්. මෙම Game එකේ 3D Graphics හොදට තියෙනවා. Play කරද්දී ආසා හිතේවි. හැබැයි Game එක Play කරන්න ඔයාගේ Android version එක 2.2 ක් වත් තියෙන්න ඕනේ. iOS එකට 5.0 ක් වත් තියෙන්න ඕනේ.

Enemy Strike Android Game Sinhala


හරි එහෙනම් ගේම් එකට එන්නම්කෝ. මෙහි අති බිහිසුණු පිටසක්වල ආක්‍රමණයක් මිනිස් සංහතියට එල්ලවෙනවා. එහිදී බොහෝ මිනිසුන් ඝාතණයට ලක්වෙන අතරේ විනාශයට ලක් වූ නගර අතරින් ඉතුරු වුණු නගර වලින් එකක ඔබට මෙහිදී සටන් වදින්න සිද්ධවෙනවා. ඒක අති බිහිසුණු සටනක්.

Enemy Strike Android Game Play Sinhala


තවද Enemy Strike එකේ Combat Mission 250 ක් විතර අපට මෙහිදී ලැබෙනවා.  File එකේ ප්‍රමාණය නම් 39 mb ක් විතර වෙන්නේ. මෙයට පාවිච්චි කරපු අයගෙන් 4.4 ක හොද Rating එකකුත් හම්බවෙලා තියෙනවා. මොනවා වුනත් මෙය නිර්මාණය කරපු අයව මතක් කරන්න ඕනේ. නිර්මාණය කරලා තියෙන්නේ Killer Bean Studios - www.killerbeanstudios.com කියන කට්ටියයි. දැන් එහෙමනම් ඉතින් Download කරගෙන සෙල්ලම් කරලා බලන්න. බලලා දැනෙන දේත් කියන්න. මම අවශ්‍ය Links පහළින් දාන්නම්.


Download and Install Enemy Strike, Android සදහා
https://play.google.com/store/apps/details?id=com.KillerBeanStudios.EnemyStrike

Download and Install Enemy Strike, iOS සදහා
https://itunes.apple.com/us/app/enemy-strike/id571023923?mt=8

Monday, April 1, 2013

Google ලගේ අලුත්ම තාක්ෂණය - Google Nose Beta

Google Nose Beta AP1 2013

ඔන්න වෙනදා වගේම හොද දෙයක් අපිට Google ල දීල තියෙන්නේ. මේක තම Google ලාගේ අලුත්ම තාක්ෂණය. ඒ තම Google Nose Beta. මේකෙන් වෙන්නේ අපි search කරන දෙයක සුවද දැනෙනවා. අපි කරන්න ඕනේ මේකයි http://www.google.com/landing/nose/index.html මුලින්ම මේ ලින්ක් එකට ගියාම Try Google Nose Beta button එකක් පෙනෙයි. එක Click කලාම මෙන්න මේ වගේ. ඊට පස්සේ මේ ටික කරන්න.

Google April Joke Google Nose Beta


එකේ තියෙන Smell Button එක ඔබල Start Smelling Button එක ඔබන්න. ඔය Video එකත් බලන්න. දැන් ඉක්මනට Screen එක ලගට නහය ලංකරලා හොදින් සුවද විදින්න. මරු නේද?. ඔයාටත් සුවද දැනුණද? Try කරලා බලන්න.

Google April Joke Google Nose Beta



කියන්න දෙයක් අමතක වුණා. අද අප්‍රේල් 1 වෙනිදා නේ. මෝඩයාගේ දවස. මේක Google ලගේ Joke එකක්. අපිව රවට්ටන්න කරපු එකක්. ඔන්න ඕක තම ඉතින් අපිට Google ලා දුන්න තාක්ෂණය. ඔයාලට tablet හරි Smart Phone එකක් වගේ තියෙනවනම් අද දවස තුළ කාවහරි රවට්ටන්න Try එකක් දාන්න ලේසියි. Google ල මේක විතරක් නෙමේ තව Jokes ටිකක් කරලා තියෙනවා මේකට අමතරව. ඒවා ඔයාලට හම්බ වෙයි.