Saturday, March 9, 2013

Vector Android Game එක - Nekki

Android Games and Apps Vector

මම මේ blog එකට අවේ හුග කාලෙකින් නේ. අද ඉදන් මම පුළුවන් වේලාවට පොස්ට් ලියන්න හිතුවා. හරි එහෙනම් දැන් මම ලිපියෙන් කියන්න යන දේට එන්නම්කෝ.  ඉතින් මම මේ ළගදි මගේ Android Tablet එකෙන් හොද Games ටිකක් හෙව්වා. එතකොට මට නියම Game එකක් හම්බවුණා. ඒ Game එක තමා Vector කියන්නේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ Nekki Developers විසිනි. මේ Vector කියන Game එකේ වෙන්නේ මෙන්න මේ වගේ සිද්ධියකි.

          මේක එක්තරා විදියක ඒකාධිපති පාලනයක් යටතේ තිබිනේ ලෝකයකි. මෙහි සිටින මිනිසුන් එක්තරා පාලන පද්ධතියකින් පාලනය කරනවා. ඔවුනට කිසිදු නිදහසක් මෙම ලෝකයේදී ලැබෙන්නේ නෑ. නමුත් මෙහිදි එම මිනිසුන් අතරින් එක් පුද්ගලයෙකු සුවිශේෂී වෙනවා. මොහු එලෙස වෙන්නේ එම පාලන පද්ධතියට ඔහුව පාලනය කරගන්න බැරිව යන නිසා. මොකද කියනවනම් ඒ තරමටම ඔහුගේ හදවත ශක්තිමත්. පසුව ඔහු කොහොමහරි බේරෙන්න මෙතනින් පැනල යනවා (ඒ ඔහුගේ නිදහස සොයා). ඒ නිසා මොහුව අල්ලගන්න එහි භටයන් ලුහුබදින්න ගන්නවා. මෙහෙම තමා intro එක වෙන්නේ. මේකේ Video එක බැලුවම හොදටම තේරෙයි. එහෙනම් ඉතින් පල්ලෙහා තියෙනවා එකේ Video එක. බලලා ඉන්නකෝ ඉතුරු ටික කියන්න කලින්.


දැන් ඉතින් video එකත් බලන්න ඇතිනේ. ඔතැනින් පස්සේ තමා අපිට Play කරන්න තියෙන්නේ. මේකේ play කරනකොට ඔබට මෙහි තිබෙන සුවිශේෂී වූ ටෙක්නීකිස් පාවිච්චි කරන්න ඕනේ. Game එක Play කරද්දී කරන්න ඕන දේවල් ටික තේරෙයි. කොහොමහරි බේරිලා පැනල යන්න. දෙයක්‌ කියන්න අමතක වුණා. ඒ තමා මේ Vector Android Game එක free Google Play Store එකෙන් ලබාගන්න පුළුවන්.

ඔන්න මම ඔයාලට අලුත් අපුරු Game එකක් ගැන කිව්වා. මේ වගේම තව Game ටිකක් මම ඔයාලට ඉදිරියේදී ගෙනෙන්නම්. හැබැයි මේ Android Game එකට හොද Rate එකකුත් තියෙනවා. දැන් ඉතින් තියේන්නේ ඔයාලගේ Android එකෙත් මේ Vector Android Game එක Play කරල බලන්න.
ස්තූතියි!

මෙන්න Links ටික.

Download & Install Vector Android Game from Google Play

Download & Install Vector Android Game APK (Offline)


2 comments:

Anonymous said...

Thankx :)

Illusion said...

kohamada offilen apk eka gaththe?mata anik apps ganna one apk widihata kohamada ganne?